❤ 2020.07.07 වන දිනට ජෝතිපාල මහතා අභාවප්‍රාප්ත වී වසර 33 ක් විය.නමුත් ඔහු මෙන්ම ඔහුගේ ගීත ද අප අතර සදා අමරණීය වේ ❤
මෙම android යෙදුම මගින් ඔහු විසින් ගායනා කරන ලද ගීත 400 කට අධික සංක්‍යවකට සවන් දිය හැක
-----------------------------------------------------------------------------------------------------------------------------------------------
හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (පෙබරවාරි 12, 1936 ) සිංහල සිනමාවේ බොහෝ ජනප්‍රිය
පසුබිම් ගායකයෙකි. ජෝතිපාල ඔහුගේ කටහඬ එඩී.ජයමාන්න, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙණියගේ සිට දමිත් ෆොන්සේකා, ලාල් වීරසිංහ වැනි බොහෝ වෙනත් තරුණ පරම්පරාවේ තරු වලට හා වෙනත් නවකයන්ට වශයෙන් සෑම පන්තියකගේම රංගනයට මුසු කළේය.
ජෝතිපාල මධ්‍යම පාන්තික පවුලක, පළමු දරුවා ලෙස ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ සා.ජෝන්ස් විද්‍යාලයෙනි. නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා මේ කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටියේය.
ඔහු 1956 දී සිරිල් පී. අබේරත්නගේ "සුරතලී" චිත්‍රපටය සඳහා "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය. මීට ප්‍රථම ඔහු නැසී ගිය "සිරිසේන විමලවීර" ගේ "පොඩිපුතා" චිත්‍රපටය සඳහා ගීතයක් පටිගත කර තිබුණි. නමුත් ඉන්දියානු චිත්‍රපටය රචකයා ජෝතිපාලගේ කටහඬ ගැන සතුටු නොවූ නිසා ඔහුට තම ගායන මංපෙත විවර කර ගැනීමට නොහැකි විය.
ජෝති සිය මිතුරන් සමඟ "පොඩි පුතා" චිත්‍රපටය නැරඹීමට ගිය විට තම ගීතය එහි ඇතුළත් නොවන බව දුටුවේය. ගායකයෙක් ලෙස තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව ඔහු දැඩිව සිතට ගත්තේ මේ අවස්ථාවේ දීය. පසුව "සුරතලී" චිත්‍රපටයේ නිෂ්පාදක ජබිර් ඒ.කාදර් මහතාට ඔහුව චිත්‍රපටය යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්‍ය විය. ජෝතිපාලට ගීතයක් පටිගත කිරීමට ප්‍රමාණවත් මුදලක් ඔහු සතු නොවූ මෙම අවස්ථාවේ දී කෘතහස්ත සංගීතවේදීස්ටැන්ලි ඔමාර් මහතා එකල විශාල මුදලක් වූ රු.35 ක් පරිත්‍යාග කළේය. චිත්‍රපටයේ ජෝතිපාලගේ " සිරියා මේ සාරා " ගීතය තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රය ය. මින් පසුව ජෝතිපාලයන් ඉන්දියාවේ "වාහිනී" චිත්‍රාගාරයේ ටී.ආර්.පපා මහතාගේ අධීක්ෂණය යටතේ ජනප්‍රය ගීත රැසක්ම ගායනා කළේය.
ජෝතිපාල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ජෝතිපාල අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "සන්දේශය" චිත්‍රපටයේදී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. ජෝතිපාල මේ සඳහා ප්‍රවීන ගායක සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ "පෘතුගීරිසිකාරයා" ගීතය ගායනා කළේය.
ඔහු රඟපෑමද ආරම්භ කල හැට දශකයේ අග භාගයේ හා හැත්තෑව දශකය පුරාම චිත්‍රපට සඳහා "ජෝතිපාල" නම අවිවාදයෙන් පිලිගැනුණේය. ඔහු හින්දි ගීත ගායනා කිරීම විවේචනයට ලක් වුවද, ඔහු පණ්ඩිත් අමරදේව, පී.වී. නන්දසිරි, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක සහ මිල්ටන් මල්ලවාරච්චි යන අයගේ මඟ පෙන්වීම යටතේද ගීත ගායනා කළේය.
ඔහු කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා,හොඳට හොඳයි, වාසනා, සංගීතා සහ වෙනත් ජනප්‍රිය චිත්‍රපටද ඇතුලත්ව චිත්‍රපට සිය ගණනක් සඳහා ගීත ගායනා කළේය. මෙම සම්මානලාභී ගායකයා ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්‍රපට සඳහා අමතක නොවන චරිත නිරූපණයන් සිදු කලේය.
හැත්තෑව හා අසූව දශක වල සංගීත ලොවෙහි ජෝතිපාල නොමැතිව සංගීත ප්‍රසංගයක් අංගසම්පූර්ණ නොවීය. ජෝතිපාල 1987 ජූලි මස 07වන දින මිය ගියේය
-විකිපීඩියා නිදහස් විශ්වකෝෂය ඇසුරිනි-
------------------------------------------------------------------------------------------------------------------------------------------------
❤යෙදුම පිළිබද යම් ගැටළුවක් වේ නම්
පහත Emailලිපිනය ඔස්සේ සම්බන්ද වන්න ❤
✉ codemasterapps@gmail.com
.
App V.1.9 (2020.09.15)
★New UI
★New App Icon
★Target SDK Updated
★Performance Improvements
★Push Notifications
★Few Bugs fixed & Minor changes
App v.1.8(2020.03.24)
★New UI
★Minor Changes
Big Update App V.1.6 (2019.10.05)
★පෙර සංස්කරණ තුලින් ගීත ඇසීමට නොහැකි
වේ නම් හෝ ගැටළුවක් වේ නම් කරුණාකර මෙම නව සංස්කරණයට යෙදුම update කර ගීත අසන්න.
Talking Tom Cat
3.963.0MB
Facebook Lite
4.02.5MB
Mushroom Takeover
4.569.0MB
Candy Crush Saga
4.491.1MB
Quikr – Search Jobs, Mobiles,
4.120.8MB
Dearmet: Video Chat, Live Talk
4.043.4MB
imo beta -video calls and chat
4.394.0MB
ShopClues
3.816.4MB
Offline Music Mp3 Player- Muso
4.535.9MB
Temple Run 2
4.4122.1MB